FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ ජනපතිගේ රැස්වීම් අතරමැද නින්දේ ඇත්ත නැත්ත මෙන්න..

අනූතුන් වියැති ජනාධිපති මුගාබේ රැස්වීම් කිහිපයකම නිදා වැටෙන ආකාරයක් පෙන්නුම් කෙරුණ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ රැස්වීම්වලදී දිගු වේලාවක් දෑස වසාගෙන සිටින්නේ දෙනෙතට විවේකය ලබාදීමට විනා නින්දට වැටීම නිසා නොවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසයි.

“ජනාධිපතිවරයාට දීප්තිමත් ආලෝකය විඳින්න බැහැ” යනුවෙන් ජනාධිපති ප්‍රකාශක ජෝර්ජ් චාරම්බා පැවසූ බව සිම්බාබ්වේ රාජ්‍ය පුවත්පතක් වන ‘හෙරල්ඩ්’ වාර්තා කරන ලදි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ද වත්මන් ජනපති රොබට් මුගාබේ තරග කරනු ඇති බව ප්‍රකාශයට පත්ව ඇති අතර මේ වනවිට සිංගප්පුරුවේ රෝහලකින් තම දෑසට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින රොබට් මුගාබේ ලෝකයේ වයෝවෘද්ධම රාජ්‍ය නායකයාද වේ.

එසේම 1980 සිට ජනාධිපති පදවිය දරන ඔහු පවසන්නේ රටේ ජනතාව තමන් පලවා හරින තුරු පදවියෙන් ඉවත්ව නොයන බවත් හා තම ස්වාමි පුරුෂයා මියගියහොත් ඔහුගේ මෘතදේහයට පවා මීළඟ ජනාධිපතිවරණයෙන් ජයගත හැකි බව ජනාධිපති මුගාබේගේ බිරිඳ වරක් ප්‍රකාශ කර තිබුණි.

ඡායාරූප පහතින්..

Related image

Image result for zimbabwe president sleep

Image result for zimbabwe president sleep

Image result for zimbabwe president

Image result for zimbabwe president sleep

Related image

Image result for zimbabwe president sleep

Image result for zimbabwe president