FAST NEWS

24×7 Around the Globe

කුවේටයේ ගණිකා නිවසක් කරගෙන ගිය ලාංකිකයෝ දෙන්නා…

කුවේටයේ  ගණිකා නිවසක්‌ පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු  අත්අඩංගුවට ගෙන ඇති අතර ඇරැබික්‌ ටයිම්ස්‌ පුවත්පත දක්‌වන්නේ මේ දෙදෙනා අතර කාන්තාවක්‌ ද සිටින බවයි.

ඩිනාර් පහ බැගින් අයකර මෙම නිවසට එන අයට කාන්තාවන් සැපයීමට මොවුන් ක්‍රියා කර ඇති අතර ගණිකා නිවස සමීපයේ පිහිටි පුද්ගලික ආරක්‍ෂක ආයතනයක ආරක්‍ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක්‌ මත එය වටලා තිබේ.

අත්අඩංගුවට පත් ලාංකිකයන් වරද පිළිගෙන ඇති බවද වාර්තා විය.