FAST NEWS

24×7 Around the Globe

මල්වතු නා හිමි, ප්‍රසන්නට රණතුංගට කිව්වේ මොනවාද?

මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ ග්‍රාමිය ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් නොලැබුණු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිත්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පවසා ඇත.

මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතින් සිදු කෙරුණද,ග්‍රාමිය සංවර්ධන පිලිබදව අවධානය යොමු නොවුණු බවට මහා නායක හිමියන් මෙසේ අදහස් දක්වා ඇත්තේ,මහා අමාත්‍යවරයා දළඳා මාලිඟාව වැද පුදා ගැනිමෙන් අනතුරුව ආශිර්වාද ලබා ගැනීම සඳහා මල්වතු මහානායක හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය පක්ෂ අනන්‍යතාවය රැක ගෙන මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වූයේ,වෙනත් පක්ෂවල උවමනාවන් අනුව කටයුතු කිරිමට සිදු වීම නිසා බව ද,මෙහිදි මහනායක හිමියන් මහ ඇමතිවරයාට පවසා ඇත.