තමන් කෝපයට පත්ව සිටින බව පෙන්නුම් කිරීම සඳහා පොප් ගායිකා කැටී පෙරී විසින් කාලි මෑණියන්ගේ රූපයක් අන්තර්ජාලයේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් සයිබර් අවකාශයේ සැරිසරන ඉන්දියානුවෝ කෝපයට පත්ව සිටිති.
හින්දු දේව විශ්වාසයන්ට අනුව කාලි මෑණියන් සළකනු ලබන්නේ විනාශයට අධිපති දෙවඟන ලෙසය.
දිනකට පෙර කේටි පෙරීගේ Instagram පිටුවේ පළ කරන ලද එම ඡායාරූපය සඳහා එකොළොස් දහසකට අධික පිරිසක් අදහස් (comments) පළ කොට ඇති අතර බොහෝ අදහස් පළ කොට ඇත්තේ නින්දා සහගත ලෙසිනි.
අදාළ ඡායාරූපය ඉවත් කරන ලෙස ඇතැම් අය ඉල්ලා සිටි අතර පොප් ගායිකා කැටී පෙරී ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්රතිචාර දක්වා නොමැත.
බී.බී.සී. ඇසුරිනි













