FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම් මෙන්න.. (ඡායාරූප)

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ,ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිළ ඇඳුම සඳහා වර්ණ පහකින් යුත් ඇඳුම් යෝජනා කර තිබේ.

මේ යෝජනාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම මත විමසා තිබේ.

පොලිස් නිල ඇඳුමේ නව වර්ණ ලෙස සුදු කමිසය සහ කළු කලිසම, ලා නිල් පැහැ කමිසය සහ තද නිල් කලිසම, ලා අළු පැහැ කමිසය සහ තද අළු කලිසම, ලා දුඹුරු පැහැ කමිසය සහ කාකි කලිසම හෝ දැනට පවතින කාකි කමිසය සහ කාකි කලිසම යෝජනා කර ඇත.

1966, 1925, 1957 සහ 1975 වර්ෂවලදී පොලිස් නිලඇඳුම වෙනස් වී ඇති බවත්, වර්තමාන ශ්‍රී ලංකා පොලීසියේ භාවිත වන කාකි නිළ ඇඳුම, ලොව බොහො රටවල් මේ වන විට ඉවත් කර ඇති බවත්, හෙතෙම සඳහන් කර තිබේ.

ඒ අනුව බහුතර කැමැත්ත හා එකඟතාව මත ඉදිරියේදී පොලිස් නිළ ඇඳුම වෙනස් වනු ඇත.