FAST NEWS

24×7 Around the Globe

පැණි මකුළුවෝ තේමා ගීතය ප්‍රවීණ ගායනවේදියෙකුගේ හඩින්.. (වීඩියෝ)

සනත් ගුණතිලක විශිෂ්ට රංගනයක යෙදෙන පැණි මකුළුවෝ සිනමාපටය එළඹෙන මැයි මස හතර වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ රිකී – කොළඹ, රිට්ස් – බොරැල්ල, කන්ට්‍රස් – දළුගම ආදි සිනමා ශාලා කිහිපයක තිරගතවීමට නියමිතය.

ඉසුරු වීරසිංහ මුදලි සමග චලීන් මධුරංග සම අධ්‍යක්ෂණය කළ මෙහි සනත් සමඟ දිනෙත් ද සිල්වා, අයිෂ් අතුකෝරළ, ප්‍රියෝටා ෆර්ලිම් යන පිරිස රංගනයෙන් දායක වී තිබේ.

පැණි මකුළුවෝ යූ. ඒ. පල්ලියගුරුගේ ගේ නිෂ්පාදනයක් වන අතර සංගීත අධ්‍යක්ෂණය සෙනෙත් දයානන්ද සහ චතුරංග ඩි සිල්වා විසින් නිමකොට ඇත.

පැණි මකුළුවෝ සම අධ්‍යක්ෂණයෙන් දායක වූ ඉසුරු , කලර් සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වන අතර මෙහි නිෂ්පාදක යූ. ඒ. පල්ලියගුරු වේ.

ප්‍රවීණ ගායනවේදී අමරසිරි පීරිස් මහතාගේ මධුරස්වරයෙන් පණපෙවූ පැණි මකුළුවෝ චිත්‍රපටයේ තේමා ගීතය පහතින්..