FAST NEWS

24×7 Around the Globe

UNP අලියාට වෙඩි තැබෙයි.. අමාත්‍යාංශයකුත් ගෑවෙයි..

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොස්තාපල්වරයා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත අයෙකු බවට වාර්තා විය.

දැනට තොරතුරු වාර්තා වන්නේ ඊයේ(01) පස්වරුවේ රාජකාරියට යමින් සිටි කොස්තාපල්වරයා විසින් සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී තම රාජකාරී ගිනිඅවියෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි.

පසුව නැවතත් සුපුරුදු පරිදි අදාළ ලේකම්වරයාගේ නිවසට ගොස් රාජකාරියේ නිරතව සිටියදීයි සැකකාර කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක්ද ලබාගැනීමට නියමිත බවයි.

එසේම මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.