FAST NEWS

24×7 Around the Globe

සංචිතයට තෙරුණූ කුලේ ඇතුළ ප්‍රවීණයින් තිදෙනෙකුට චැම්පියන්ස් අහිමී වෙයි ?

ලබන ජූනි මස 01 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී.  චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක‍්‍රීඩකයන් කීප දෙනකුම ආබාධ හේතුවෙන් ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සංචිතයට ඇතුළත්ව සිටියද ඔහු ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න පුහුණු තරගවලදී පන්දු යවන ආකාරය අනුව තීරණය වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ද ප්‍රකාශ කර තිබිණි.

මාලිංග මේ වන විට අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින අතර ඔහු  එම තරගාවලියේද තරග කීපයකින් විවේක ගෙන සිටියි.

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර සහ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදර මස්පිඬු පෙරළීමේ ආබාධයන්ට ගොදුරුව සිටින බවත් එම ආබාධ හේතුවෙන් මේ දෙදෙනාම තරගවලට සහභාගි වීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.

මෙම තත්ත්වය හමුවේ ඇතැම් ක‍්‍රීඩකයන්ට තරගාවලියට පිටත්ව යෑමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණවලටද පෙනී සිටීමට සිදුවී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)