FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් නව විධායක නියෝගයකට අත්සන් තබයි..

ආක්ටික් හා අත්ලාන්තික් සාගරවල ඛනිජතෙල් නිධි කැණීම් සඳහා පැවති නීතිය ලිහිල් කරමින් ඇමෙරිකනු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

මේ වනවිට ලෝක ඛනිජතෙල් ව්‍යාපාරයේ යම් කඩා වැටීමක් දක්නට ලැබුණත්, මේ තුළින් දස දහස් ගණන් රැකියා අවස්ථා බිහිකළ හැකි බව ට්‍රම්ප් පවසයි.

එසේම සංවර්ධනයේදී සාගර වෙළුම ආරක්ෂා කළ යුතු බවට මීට පෙර බරැක් ඔබාමා විසින් ලබාදී තිබූ වාරණය මෙම නව විධායක නියෝගය සමග අහෝසි වී යා හැකි බවද විදෙස් වාර්තා පවසයි.