ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් තම පෙර විවාහයේ පුතු වෙනුවෙන් රුපියල් මිලියන 30ක් නැත්නම් ලක්ෂ 300ක් ලබාදුන් බවට මාධ්‍යයට කර ඇති ප්‍රකාශය අසත්‍ය බව ඔහුගේ පෙර විවාහයේ බිරිය නිලංකා විතානගේ පවසයි.
එසේම වසර 2012 දී ගොනුකළ මේ නඩුව මේතාක් කාලයක් දිග් ගැසීමට හේතුවී ඇත්තේ ඩිල්ෂාන් අදාළ නඩුව මඟ හැරීම බවද පැවසේන අතර ඔහු ජාතික පිලට ක්‍රීඩා කිරීමේදී ජාතික රාජකාරි බව පවසමින් වැඩි කාලයක් අදාළ නඩුව මඟහැර ඇති බවද සදහන්ය.
ඩිල්ෂාන්ගේ පුතු මේවන විට 14 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවද වාර්තා වන අතර වයස අවුරුදු 13න් පහළ තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු මෙවර 15න් පහළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.
ඔහු පසුගිය පුහුණු තරගවලදී ලකුණු 50 සීමාව අවස්ථා කිහිපයකදීම සම්පූර්ණ කර ඇති බවද විදුහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එසේම පෙර විවාහයේ බිරියගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප ඩිල්ෂාන් දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර නිලංකා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යකට මුලින්ම අනාවරණය කරමින් අප සමඟ පැවසූ කාරණා පහත හඩපටයෙන්..
ජායාරූප පහතින්..



















