FAST NEWS

24×7 Around the Globe

ඇයි මැයි දිනය රතු වුණේ… ?

1889 දී නම් කර ඇති මැයි දිනය එසේ නොමැතිනම් ලෝක කම්කරුවන්ගේ දිනය යෙදෙන දා බොහෝ කම්කරුවෝ පෙළපාලි හා රැස්වීම් පවත්වන අතර මැයි දින සැමරුම් උළෙලවල්ද සංවිධානය කරනු ලැබේ.

මේ සිරිත් විරිත් ආරම්භ වෙන්නේ කෙසේ දැයි සොයා බැලුවහෝත් අතීතයේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ තිබුණු  “මැක් කොමින්” නම් වූ කම්හලේ  හාම්පුතුන් සේවකයින්ගේ ශ්‍රමය අසාධාරණ විදියට සූරගෙන කෑමක් සිදු කොට ඇති අතර තමන්ගේ වැඩ මුරය පැය 8කට සීමාකරන්න කියා ඔවුන් තම හාම්පුතුන්ගෙන් කීපවතාවක් ඉල්ලුවත්, එකම යහපත් ප්‍රතිචාරයක්වත් ලැබෙන්නේ නොමැති බව ඔවුන්ට තේරුම් ගොස් තිබින.

මේ හේතූන් නිසා ඔවුන් 1886 මැයි මාසේ 1 වන දා චිකාගෝ නගරයේ පෙළපාලි යෑමට පටන් ගෙන ඇති අතර එදා නිරායුධව තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙළපාලි ගිය කම්කරුවන්ට පොලීසිය කෘර විදිහට වෙඩි තිය ඇති අතර ඒ වෙඩි තැබීමට එරෙහිව 1886 මැයි මස 4 වෙනිදා ආයෙම කම්කරු ජනතාව පාරට බහින ලදි.

එනමුත් සිද්ධ වන්නේ කලින් විදියටම පොලිසියේ වෙඩි පහරට අහුවීමටය.

එසේම එම වෙඩිතැබිමෙන් පෙළපාලි ගිය කම්කරුවෝ පිරිසකට තුවාල සිදු වෙන අතර විශාල පිරිසකට මියයෑමටද සිදු වේ.

කෙසේ හෝ ඔවුන්ගෙන් ගලපු රුධිරයෙන් මංමාවත් පවා රතු පැහැයෙන් නැහැවෙන  අතර සමහර කම්කරුවන් තමන්ගේ කමිසය රතු ලෙයින් පෙඟවී ගියත් සටන අත නොහැර තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර තිබේ.

එදා තමන්ගේ අයිතීන් උදෙසා සටන් කරපු කම්කරුවන්ගෙන්  ගලා ගියපු රක්ත වර්ණ ලෙය නිසා අදටත් මැයි දිනයේදී රතු වර්ණයෙන් සැරසී ගමන් කිරීම සිදු කරනු ලැබීම දක්නට ලැබේ.