ඕස්‌ට්‍රේලියාවට සහ නවසීලන්තය යන රටවලට ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව තර්ජනය කර ඇති අතර මීන් පෙර උතුරු කොරියාව විසින් ඇමරිකානු කාල්වින්සන් යුධ නෞකාව විනාශ කරන බවටද තර්ජනය කර තිබු බව විදෙස් වාර්තා පවසයි.
ඕස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් ඇමරිකාවට සහය දැක්‌වීමෙන් වැළකී සිටිය යුතු බවද උතුරු කොරියානු නායකත්වය තවදුරටත් දන්වා ඇති බව සඳහන්.
මේ අතර ඕස්‌ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවේ අනතුරුදායක ක්‍රියාවන් නතර කිරීමට චීනය මැදිහත් විය යුතු බවය.









