හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් වු තිලකරත්න ඩිල්ෂාන්ට පසුගිය 24 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් පෙනී නොසිටිම සම්බවන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටියේය.
ඒ අනුව ඔහු නීතීඥයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කරමීන් පසුගිය 25 වැනි දින අධිකරණයට භාර වීමට කටයතු කළේය.
කෙසේ වෙත් ඔහු එලෙස අධිකරණයයේ පෙනි නොසිටියේ තම නීතිඥවරයා නඩු දිනය නිවැරදිව සටහන් කර නොගැනීම නිසා බවත් , එසේම අධිකරණයට භාර වීමෙන් අනතුරුව නිකුත් කළ නියෝගය අහෝසි කර නැවත ඊළඟ නඩු දිනයට උසාවියේ පෙනී සිටින ලෙසත් අධිකරණය තමා වෙත නියෝග කළ බවද තිලකරත්න ඩිල්ෂාන් මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිල්ෂාන් පැවසුවේ තමා පළමු කසාදයෙන් නිත්‍යානුකූලව වෙන් වනු ලැබුවේ සිය පළමු බිරිඳට ලක්ෂ 300 ක මුදලක් ලබාදීමෙන් බවත් මිට අමතරව දරුවා වෙනුවෙන් 40,000 මුදලක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් බවත් , සිය පළමු බිරිඳ ඉල්ලන පරිදි තමා මහන්සියෙන් ඉපැයූ මුදල් නිකරුනේ දිය නොහැකි බවත් ඩිල්ෂාන් වැඩි දුරටත් මාධ්‍ය වෙත සඳහන් කළේය.