FAST NEWS

24×7 Around the Globe

කඩාගෙන ආ කුණු කන්දෙන් මුස්ලිම් පවුලක් දිවි ගලවා ගත් හැටි..

බුදු පිළිමයක් නිසා මීතොටමුල්ල නාය යෑමෙන් දිවි බේරාගත් පිරිසක් පිළිබඳවඅපට වාර්තා විය.

සිය නිවාස විනාශ වී රජයෙන් ලබා ගත්  ලක්‌සඳ  නිවාස සංකීර්ණයේ පදිංචි ඩබ්ලිව්. ඒ. එම්. බිස්‌ටියන් මෙලෙස  දිවි ගලවාගෙන තිබුණි.

“මගේ පවුලේ පස්‌ දෙනයි. පුතාල දෙන්නයි, දුවයි, බිරිඳයි සිද්ධිය වුණ දවසේ සිකුරාදා පල්ලි ගිහින් ඇවිල්ලා 1.30 ට විතර ගෙදරට ඇවිත් කෑම කාලා ඉන්නකොට අපේ නෑනා කිව්වා නුවර යමු වෑන් එක අරන් එන්නම් කියලා. ඉන්න අතරේ ත්‍රීවීල් එකත් පාක්‌ කරලා ඊට පස්‌සේ එකට ගමනට සූදානමින් ඉන්නකොට නිවස ඇතුළට ගිහින් විනාඩි පහකින් විතර සද්දයක්‌ ආවා.

ඊළඟට මම එළියට දුවලා බලනකොට කුණු කන්දේ කොටසක්‌ කඩාගෙන එනවා. ගෙවල් ඔක්‌කොම පෙරළගෙන කඩාගෙන එනවා දැක්‌කා. ඊළඟට මුකුත් හිතාගන්න බෑ. මම බිරිඳයි, ළමයින්ටයි කිව්වා එළියට එන්න කියලා. බිරිඳ ඇතුළට එන්න කියලා කෑ ගහනවා. ඒ වෙලාවේ කුණු කන්ද අපේ ගේ අසල තිබූ බුදු පිළිමය ළඟට කඩන් ඇවිත් නැවතුණා. තට්‌ටු තුනේ ඇන්ටන් අයියගේ ගේ ළඟ නතර වුණා. බුද්ධ ප්‍රතිමාව ඉතුරු වුණා. ඒ එක්‌කම අපි පැනලා බේරුණා.” යනුවෙන් ඩබ්ලිව්. ඒ. එම්. බිස්‌ටියන් තම අත්දැකීම් සඳහන් කලේය.