FAST NEWS

24×7 Around the Globe

පොදුරද මඩුලු තරගාවලියටත් පිරිමි ක්‍රිකට් තරග…!

2022 වසරේදී පැවැත්වීමට නියමිත පොදුරද මඩුලු තරගාවලියේ සත්කාරක නගරය වශයෙන් එංගලන්තයේ බර්මින්හැම් නගරය තෝරාගතහොත් එම තරගාවලිය සඳහා පිරිමි ක්‍රිකට් තරග එක්වෙනු ඇති බව වාර්තා වෙයි.

2022 වසරේ පොදුරද මඩුලු තරගාවලියේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණත් මූල්‍යමය හා දේශපාලනික කරුණු මත තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නොහැකි බව සඳහන් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ සත්කාරකත්වය සඳහා බර්මින්හැම් නගරය ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර යම් හෙයකින් තරගාවලිය සඳහා බර්මින්හැම් නුවර තෝරාගතහොත් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ හා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සහාය ඇතිව පිරිමි ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි බර්මින්හැම් පොදුරද මඩුලු තරගාවලිය සඳහා ලංසු කැඳවීමේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිල් ස්නොව්බෝල් සඳහන් කරයි.

එසේම 2020 වසරේ පැවැත්වෙන තරගාවලියට කාන්තා ක්‍රිකට් තරග ඇතුළත් කර ඇති අතර තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත.