FAST NEWS

24×7 Around the Globe

පසුගිය ශ්‍රී ලංකා සංචාරය සහ චැම්පියන්ස් සම්බන්ධයෙන් හතුරුගෙන් ප්‍රකාශයක්..

බංගලාදේශ කණ්ඩායමේ පසුගිය ශී‍්‍ර ලංකා සංචාරය පුහුණුකරුවෙකු ලෙස තමාගේ ජීවිතයේ හොදම සංචාරයන්ගෙන් එකක් බව බංග්ලාදේශ කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ චැම්පියන්ස් කුසලානයට යන බංග්ලාදේහ කණ්ඩායම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා සංචාරයේදී සිය කණ්ඩායම දැක්වූ දක්‍ෂතා 2015 ලෝක කුසලානයේදී දැක්වූ දක්‍ෂතාවලට සමාන බවත්,එක්දින, ටෙස්ට් සහ පන්දුවාර විස්සයි විස්ස යන තරගාවලි තුනම ශී‍්‍ර ලංකාවේදී ජය පරාජයකින් තොරව නිමකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවද හතුරුසිංහ පවසා ඇත.

එමෙන්ම  ශී‍්‍ර ලංකා සංචාරය, කණ්ඩායමේ ආකල්ප වර්ධනයට ප‍්‍රබල ලෙස බලපෑ සංචාරයක් ලෙසටද  ඔහු හදුන්වා දී තිබේ.

චැම්පියන් කුසලානයේදී බංග්ලාදේශය එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය සමග තරග වැදීමට නියමීත බවත් , එසේම එය ප‍්‍රභල අභියෝගයක් බවද, ඊට මුහුණදීමට සිය කණ්ඩායම සූදානම් බවත් චන්දික හතුරුසිංහ මහතා මෙම මාධ්‍ය හමුවට එක් වෙමීන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

(ADS)