පියුමි හංසමාලි ලංකාවට පමණක් සීමා නොවී අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්ව ඇති බව අපට වාර්තා වූයේ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවී තිබීමත් සමගය.
මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට හිමිව ඇති අතර පියුමි හංසමාලි, විශ්ව පෙරේරා නම් රූපලාවන්‍ය ශිල්පියා හා සමග එකට සිටින පින්තූරයක් මෙලෙසින් එම ෆේස්බුක් පිටුවේ පලවී තිබුණි.
ඒ ඡායාරූපයට යටින් ‘සහෙර් හේ කිසි සේ පාස්‘ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක්ද සටහන් කරලා තිබූ අතර එහි සිංහල තේරුම වන්නේ ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ යන්නය.
ඡායාරූපය පහතින්..










