ප්‍රංශයේ මීළඟ ජනාධිපති වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරන එමැනුවෙල් මැක්රොන්, විවාහ වී සිටින්නේ ඔහුට වඩා අවුරුදු 25 කින් වැඩිමල් කාන්තාවක බවත් එම කාන්තාව ඔහුගේ පාසල් ගුරුවරිය වූ බවත් ඕපාදූප පුවත් සේවා වාර්තා කරයි.
මේ වනවිට 39 හැවිරිදි වියෙහි පසුවන එමැනුවෙල් මැක්රොන් ප්‍රංශ ජනපති ධුරයට පත්වුහොත් ජනපති ආර්යාව වනු ඇත්තේ 64 හැවිරිදි බ්‍රිජෙට් ට්රොග්නෝව්ය.
පාසල් වියේදී මැක්රොන් සහ බ්රිජෙට්ගේ ආදර කතාව ඇරැඹෙද්දී මැක්රොන් 15 හැවිරිදි වියෙහි පසුවී ඇති අතර රහසේ පැවැති ප්‍රේම සම්බන්ධය ප්‍රසිද්ධියට පත් කෙරුණේ මැක්රොන්ට අවුරුදු 18 ලැබීමෙන් පසුවය.
මැක්රොන්ගේ මාපියන් එම සම්බන්ධයට තදින්ම විරුද්ධ වී ඇති අතර සම්බන්ධය කැඩීමට බොහෝ සෙයින් උත්සාහ දැරූ බව ඕපාදූප පුවත් සේවා මේ වනවිට හෙළි කරගෙන තිබේ.
විරෝධය මැද 2007 වසරේ දී මැක්රොන් සහ බ්‍රිජෙට් ට්රොග්නෝව් විවාහ වී ඇති අතර පළමු කසාදයෙන් බ්‍රිජෙට් ට්රොග්නෝව්ට ලොරෙන්ස් අවුසෝරි ජෝර්දන් සහ ටිප්නි අවුසෝරි ලෙසින් නම් ඇති තරුණ දියණියෝ දෙදෙනෙකුත් හා සෙබැස්තියන් ලෙසින් නම් ඇති එක් පුතෙක්ද වේ.
මොවුන් තිදෙනාම විවාහව වී සිටින අතර මොවුන්ට ද දරුවෝද සිටින අතර ඒ අනුව, ප්‍රංශයේ මීළඟ ජනපති ආර්යාව වීමට නියමිත බ්‍රිජෙට් ට්රොග්නෝව් මුණුපුරුමිණිපිරියන් හත් දෙනකුගේ අත්තම්මා කෙනෙකි.









ලොරෙන්ස් අවුසෝරි ජෝර්දන් සහ බ්‍රිජෙට් ට්රොග්නෝව්

ටිප්නි අවුසෝරි











