FAST NEWS

24×7 Around the Globe

කාන්තා පියයුරු ස්පර්ශ කල බාස්කර් තමාටම කරගත් අනාවැකිය…

“කළු මැජික් හා ආදර ගැටළු නිරාකරණයට“ තමාට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඔහු විසින්ම කියා ගන්නා බාස්කර් මුන්නියාපා (Bhaskar Muniyappa) නම් පුද්ගලයා ලිංගික අපරාධ සිදු කිරීම හේතුවෙන් කැනඩාවේ දී බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම හැකියාව තුළින් ඔහු වෙතට පැමිණෙන ජනතාවගේ ගැටළුවලට පිළියම් ලබා දීමට යෑමේ දී පාරිභෝගිකයන්ට ලිංගික හිංසනයන් සිදු කර ඇති බව රජයේ නීතිඥයෙක් වන පාවුල් සැම්බොනිනි (Paul Zambonini) පවසා තිබේ.

මොහු වෙතට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුගේ පියයුරු ස්පර්ශ කර මොවුන්ට ලිංගික හිංසනයන් සිදුකිරීමට තැත්කළ බව පවසමින් එම කාන්තාවන් දෙදෙනා පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර එහිදී එම චෝදනාව සම්බන්ධයෙන්ද ඔහු පොලිසිය හමුවේ වරද පිළිගෙන තිබේ.

කෙසේවුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට අධිකරණය 2017 පෙබරවාරී මස 1 දක්වා බාස්කර් මුන්නියාපා ඇප මත මුදා හැර තිබූ නමුත් ඔහුගේ පදිංචියේ සිදු කරන ලද වෙනස් වීමක් පොලීසියට දැනුම් නොදීම හේතුවෙන් මේ වන විට ඇප අවලංගු කර බන්ධනාගාර ගත කර ඇති බව විදෙස් වාර්තා පවසන ලදි.

බාස්කර් මුන්නියාපා නම් පුද්ගලයා වයස අවුරුදු 32 ක් වු විවාහකයෙක් බවත් ඔහුගේ බිරිඳ මෙරට ජීවත් වන බවත් අනාවරණය වී ඇති අතර මොහු කැනඩාව බලා පිටත්ව ගොස් ඇත්තේ 2014 ජුලි මස 28 දිනය.

තමාට අනාගතය පිළිබඳ අනාවැකි පළ කළ හැකි පවසන මුන්නියාපා කියා සිටින්නේ තමා කැනඩාවෙන් පිටුහවල් කරනු ලබන බවත් ඒ නිසා අනාගතයේ දී ලංකාවට පැමිණීමට හැකි වන බවත් ඔහුට පෙනී යන බවයි.