තමාට හොඳම සංචිතය ලැබී ඇති බව අයි.සී.සී කුසලානය සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතය දැනුම් දීම සඳහා ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
“ඇත්තටම මේ ලැබිල ඉන්න කණ්ඩායම ඉතාමත් හොඳයි. මේ අය දැන් දැන ගන්න ගන්න ඕන තමන්ගෙ යුතුකම ඉටු කරල රටට ආඩම්බරයක් ගෙන දෙන්න. බංග්ලාදේශ තරගාවලියේදී අඩුපාඩු වුණා. නමුත් ඒ අය එක් කණ්ඩායමක් විතරයි. මේ නම් කරපු කණ්ඩායම හැම කණ්ඩායමකටම ඔරොත්තු දෙන කණ්ඩායමක්.” යෑයි ශ්‍රී ලංකා නායකයා කීවේය.
කණ්ඩායමට නිත්‍ය පිට දඟ පන්දු යවන්නෙක් නොසිටීම ප්‍රශ්නයක් වුවද එංගලන්තයේදී බොහෝ දුරට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ එක් දඟ පන්දු යවන්නෙක් සමග බව මැතිව්ස් පවසයි. “අපිට පිට දඟ පන්දු යවන්නෙක් ඕන වුණා. නමුත් මේ දිනවල ගොඩක් කණ්ඩායම් පා දඟ පන්දු යවන්නන්ට හොඳට ගහන්නෙ නැහැ. ඒ නිසා අපි සීක්කුව ගෙනාවා. ලක්ෂාන් සඳකැන්ගෙ පන්දුවත් වමත් පිතිකරුවන්ට යන්නෙ එළියට. ඒ වගේම අසේල ගුණරත්නත් ඉන්නවා. ඒ නිසා පිට දඟ පන්දු යවන්නෙක්ව කණ්ඩායමට නම් කරන්න අවස්ථාවක් තිබුණෙ නැහැ. හැම දේම බලල තමයි තේරීම් කමිටුවත් එක්ක සාකච්ඡා කරල මේ කණ්ඩායම තෝරල තියෙන්නෙ.”
“ඇරත් අපිට දවස් 12 ක් විතර කලින් යන්න පුළුවන් වෙච්ච එක හොඳයි. මීට ඉස්සල්ලත් එහෙම කලින් ගිහිල්ල එහෙ තත්ත්වයට හුරු වෙලා අපි දිනුවා. ඒ නිසා මේ පාරත් හොඳ අවස්ථාවක් තියෙනවා.” යනුවෙන් මැතිව්ස් සිය බලාපොරොත්තුව සඳහන් කළේය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.