FAST NEWS

24×7 Around the Globe

දිල්ෂාන් වහාම අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරෙයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

පළමු බිරිදගේ නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් ඊයේ(24) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යැයි මෙම අධිකරණය විසින් මෙම වරෙන්තු නියෝගය නිකුත් කර තිබේ.

ඊයේ(24) දිනයේ අධිකරණය හමුවේ දිල්ෂාන් හෝ ඔහුගේ ඇපකරුවන් පෙනී නොසිටි අතර එහිදී තව දුරටත් හෙළි වූයේ දිල්ෂාන් පළමු බිරිදට නඩත්තු ගෙවීම්ද පැහැර හැර ඇති බවයි.