FAST NEWS

24×7 Around the Globe

රජය සිදුකරගන්නේ සිය දිවි නසා ගැනීමක්..

මහජනතාව බියගන්නවා බලපෑම් කර කුණු කසළ ප්‍රශ්නය විසඳීමට යෑමෙන් රජය සිය දිවි හානි කර ගැනීමක්‌ සිදුකරගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (23) ප්‍රකාශ කළහ.

එහිදී කාදිනල්තුමා මෙසේ ද පවසන ලදි.

ජාඇල ඒකලට කුණු දාන්න හැදුවා. ඒකට අපි විරෝධය පළ කළා. ඒ ප්‍රශ්නය නතර කළා. දැන් ආයෙත් මේ කුණු ප්‍රශ්න ඇතිවුණා. මුතුරාජවෙලට කුණු කසළ දැමීමට යෑමෙන් සිදුවෙන්නේ ජලය අපවිත්‍ර වීමයි. පරිසරයත් විනාශ වෙනවා. රජයටත් මේ පිළිබඳව සාධාරණ ප්‍රශ්න තිබිය හැකියි. ඒත් ඔය කුණු කසළ ප්‍රශ්නය විසඳිය හැක්‌කේ එක එක්‌කෙනාගේ පෞද්ගලික මතය අනුව නොවේ. ප්‍රදේශයේ ජනතාව රැස්‌ කර ඒ ගැන අදහස්‌ විමසලා කිසියම් එකඟතාවයකට පත්විය යුතුයි.

ජනතාව මේ රජය බලයට පත්කළේ රජය කෙරෙහි තබා තිබූ දැඩි විශ්වාසය මතයි. නීතිරීති පනවා බලපෑම් කර මේ විදිහට ක්‍රියා කිරීමට යැම සුබවාදී නැහැ. එය රජය විසින්ම සිය දිවි හානිකර ගැනීමක්‌ හා සමානයි. ජනතාව සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. කුණු කසළ ප්‍රශ්නය වෙනුවෙන් මා කතා කරන්නේ ජාඇල හෝ ඒ අවට පළාත් කීපයක්‌ සඳහා නොවෙයි රටේ සෙසු පළාත් වෙනුවෙන්.