FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කා ෂර්මා සැලසුමක..

‘NH10’ හා ‘Phillauri’ චිත්‍රපට අති සාර්ථකවීම හරහා නැවතත් චිත්‍රපටයක් ඉතා ඉක්මනින් නිෂ්පාදනය කරන්නට අනුෂ්කා ෂර්මා සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ.

මේ වනවිටද ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවතින අනුෂ්කාගේ අලුත්ම චිත්‍රපට නිෂ්පාදනය වන ‘Phillauri’ උපයාගෙන ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 50කට ආසන්න මුදලකි.

අඩු මුදලකින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම චිත්‍රපටයයේ ලද සාර්ථකත්වය නිසාම තමා තුන්වැනි සිනමා නිෂ්පාදනයටත් ඉතා ඉක්මනින් යොමුවෙන බව ඇය ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට පවසා ඇත.

එසේම අනුෂ්කා නිෂ්පාදනය කළ චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිතය ඇය විසින්ම නිරූපණය කිරීම විශේෂත්වයකි.