ටෙස්ට් ලකුණු10,000ක් ලබා ගත් පළමු පකිස්ථාන ක්‍රීඩකයා බවට වාර්තා පොත් අතරට එක්වීමට යුනිස් ඛාන්,බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරයේ තෙවන දිනය වු ඊයේ (23) දිනයේදි සමත් විය.

මෙම තරඟයේ පාකිස්ථාන පළමු ඉනිමේ වෙනුවෙන් යුනිස්ඛාන් ලකුණු 58ක් ලබාගත් අතර ඒ අනුව ඔහු මේ වන විට ටෙස්ට් ලකුණු 10,035ක් ලබා ගෙන තිබේ.
එ අනුව ලකුණු දසදහසේ සීමාව පසු කළ 13 වැනි පිතිකරුවා වීමට යුනිස් ඛාන් සමත්ව සිටිති.
එසේම දසදහසේ සීමාව සනිටුහන් කළ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් වු කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වෙති.
කෙසේ වෙතත් වේගවත්ම ලකුණූ දහදහස පසු කළ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන වඩා ඉදිරියෙන් පසුවීමට යුනිස් ඛාන් සමත්ව සිටියි.
එ අනුව මහේල ජයවර්ධන ඉනිම 210 කදී ලකුණු දසදහස වාර්තා කර ඇති අතර යුනිස් ඛාන් ඉනිම 208 ක් පමණක් වැය කර මෙම සීමාවට පැමීණම සමත් ව තිබේ.
එසේම කුමාර් සංගක්කාර සිය ලකුණූ දස දහසේ සීමාව පසු කිරීමට ඉනිම 195 කදී සමත්ව ඇත.
(ADS)









