FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට මොළේ අමාරුවක්! – රෝග ලක්ෂණ මෙන්න..

ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘මානසික ආබාධයක්’ ඇති බවත්, ජනපති ධුරයට ට්‍රම්ප් සුදුසු නැති බවත් ඇමෙරිකන් මනෝචිකිත්සකවරු පිරිසක් පවසති.

මේ බව පවසා ඇත්තේ යේල් විශ්ව විද්‍යාලයට සම්බන්ධ මනෝචිකිත්සකවරුන් 30 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමකි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බොරුවට කලබල වෙන, හදිසි තීරණ ගන්නා පුද්ගලයකු බවත් ලෝක බලවතා වන ඇමෙරිකන් ජනපති ධුරයට එවැන්නකු සුදුසු නැති බවත් වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී ඇත.

‘මනෝචිකිත්සකවරුන් විදියට අපට අයිතියක් තිබෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැබෑ තත්ත්වය ඇමෙරිකන් ජනතාවට හෙළි කරන්න.’ යැයි එම වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දෙන වෛද්‍ය ජෝන් ගාතර් පවසා ඇත.