‘Spider-Man Homecoming’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සදහා රංගනයෙන් දායකවන සුරූපී යොවුන් නිළි Zendaya වෘත්තීය නිළියක ලෙස ප්‍රවීණත්වයට පත්
වීමට පෙර ඇයගේ වයස අවුරුදු 20 දීම සුඛෝපභෝගී නිවෙසක හිමිකාරියක් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වර්ග අඩි 4,155ක වපසරියක විහිදී ඇති මේ දෙමහල් නිවසෙහි නිදන කාමර 5ක් සහ නාන කාමර 5ක් තිබෙන බව සඳහන්ය.
ඇගේ මේ අලුත් නිවසෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් වන අතර ලොස් ඇන්ජලීස් නුවර එය පිහිටා ඇති බව වාර්තා විය.
Zendaya පවසා ඇත්තේ කුඩා කාලයේදී සුව පහසු ජීවිතයක් ගත නොකළ තමන්, මෙවැනි සුඛෝපභෝගී නිවහනක් පිළිබඳව සිහින මැවූ බවයි.
“මම පුංචි කාලෙ ජීවත් වුණේ තට්ටු ගේක නෙමෙයි. ඒ ගෙදර ඒ.සී. තිබුණෙ නැහැ. ස්විමින් පූල් එකක් තිබුණෙත් නැහැ.” Zendaya අතීතය සිහිපත් කරමින් ඇය මෙලෙසින් පවසන ලදි.
ඡායාරූප..




















