FAST NEWS

24×7 Around the Globe

වදින හෙන වලින් හා සාපෙන් බේරෙන්න බැරි හේතුව ඇමති රන්ජන්ගෙන්..

 

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම නිසා මිය ගියේ 33ක් යයි මාධ්‍යවලින් වාර්තා කලද එම ප‍්‍රමාණය සත්‍ය වශයෙන්ම 200ක් පමණ විය හැකි යැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

මෙම සිදුවීම සමූල ඝාතනයක් යැයිද පවසන ඔහු ඊට වගකිව යුතු සියල්ලන්ට මිනීමැරුම් චෝදනා එල්ලවන්නේ යැයිද සදහන් කලේය.

කුණු කන්දේ ව්‍යාපෘතිය කල් දමන ලද සියළු දෙනාට හෙන ගහන බවද පැවැසූ ඔහු වැඩිදුරටත් පහත පරිදි පවසන ලදි.

හැමදෙනාටම අඩු වැඩි වශයෙන් මේක බැර වෙනවා. ඇත්තටම 33ක් කියලා කිව්වට නමුත් මම හිතන්නේ 200 ක් විතර වගේ ඝාතනය වෙලා කියලා තමයි ආරංචි.. ඇත්ත වශයෙන්ම මේක ඝාතනයක්.. ඒකට සෘජුව , වක්‍රාකාරව සම්බන්ධ කිසිකෙනෙකුට මේ ස්වභාධර්මයෙන් බේරෙන්න බෑ.. මම හිතන්නේ ඒක මම දකිනවා හරිම බිහිසුනු මරණයක්.. ඔබ නිකම් හිතන්න ඔබ කාමරයක ඉද්දී ඔබේ ඇගට කුණු ගොඩක් වැටිලා හුස්ම ගන්න බැරුව නහයට ගිහිල්ලා තියෙන විදිහ ගැන.. මං දැක්කා පොඩි ළමයෙක් මැරිලා තියෙන විදිහ මඩ එක්ක.. ඒක නම් දරා ගන්න බැරි මරණයක්.

අනිත් එක ආරංචි වුනා ඒ ගෙවල් වල හිරවෙලා ඇතුලේ ඉදගෙන සමහර කට්ටිය කෝල් කලා කියලා.. එතකොට ඒ එක්කම එන විෂ වායුව ඇවිල්ලා ඒක ආශ්වාස කරන්න බැරුව මැරුන අය ඉන්නවා. හරිම බිහිසුනු මරණයක්. හරිම වේදනාත්මක මරණයක්. මේ අපේ ලංකාවේ පුරවැසියෝ. වෙන කෙනෙක්ගේ නගරයක් පිරිසිදු කරන්න ගිහින් තමයි මේ අය තමුන්ගේ ජීවිතේ දුන්නේ. එතකොට මගේ වචනයෙන් කියනවා නම් අපිට හෙන ගහනවා කියන එක තමයි ඇත්ත කතාව. ඒ සාපෙන් බේරෙන්න  බෑ. මේ කොමිස් මුදල් ඉල්ලපු මේ ව්‍යාපෘතිය හැමවිටම කල් දැම්ම අයට බේරෙන්න හම්බවෙන්නෑ. මම හිතනවා මේක සමූල ඝාතනයක්. මේක ලොකු වරදක්.