FAST NEWS

24×7 Around the Globe

මෙන්න රට පුරා ඉන්ධනහල්වල මහ පෝලිම්.. (ඡායාරූප)

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකු සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට විරෝධය පල කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමතුව විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඊයේ(23) මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කර තිබේ.

සංස්ථාවේ සම්පත් විකිණීම නවතා දමන තුරු මෙම අඛණ්ඩ වැඩ වර්ජනය අත් නොහරින බව ඔවුන් කියා සිටිති.

වැඩ වර්ජනය හේතුවෙන් දැනටමත් රට පුරා ඉන්ධනහල් වලට කිලෝ මීටර ගනන් ඉතා දිගු වාහන පෝලිම් දක්නට ලැබේන අතර සමහර ඉන්ධන හල් අසල ගැටුම්ද වාර්තා වෙයි.

වාහන පෝලිම් දක්නට තිබූ ආකාරය දැක්වෙන ඡායාරූප පහතින්..