බාල වයස්කාර දරුවන් ලිංගික අතවරවලට ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
වයස 14 හා 16 අතර වයස් කාණ්ඩවල දැරියන් ගැබිනියන් බවට පත්වූ අවස්ථාවන්ද බහුලව දක්නට ඇතැයිද එම නිලධාරීහු පවසති.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ළමා නිවාසවල දරුවන්ද ආගමික ස්ථානවලද ලිංගික අපයෝජන සිද්ධිවලට පෙළඹී ඇතැයිද පොලිසිය පවසයි.
පාසල්වලට ගොස් සම්මන්ත්රණ පැවැත්වූවත් දෙමාපියන් දැනුවත් කළත් ලිංගික අපයෝජන සිද්ධීන් එන්න එන්නම වැඩිවෙමින් පවතින බවද ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීහු පවසති.









