FAST NEWS

24×7 Around the Globe

අවදානම හා මැතිව්ස් – චන්දි ගැන සංගාගෙන් විශේෂ ප්‍රකාශයක්..

ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාවේ නිරත වන ආකාරය වෙනස් කරගත යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එළඹෙන චැම්පියන්ස් කුසලානය හා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් සඳහන් කර තිබේ.

එසේම අනෙකුත් රටවල් හා කරට කර සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිතීමේ රාමුව වෙනස් කරගත යුතු බවත්, වැඩි අවදානමක් ගැනීමට සූදානම් විය යුතු බවත් ඔහු සඳහන් ඇත.

“අත්දැකීම් අතින් අපට මැතිව්ස්, චන්දිමාල් වගේ ක්‍රීඩකයන් ඉන්නවා. ඒත්, වැඩි දියුණු විය යුත්තේ හැකියාව අතින් පමණක් නෙමෙයි. මනස, සිතන ආකාරයෙන්ද වැඩිදියුණු වන්න ඕන… ලෝකය පුරාම ගත්තොත් ආකල්පමය වෙනස්කම් දකින්න පුළුවන්. එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වුනත් ගත්තාම, එයාලා හිතාමතාම එක්දින ක්‍රිකට් තරගවලදී ක්‍රීඩා කරන විදිය වෙනස් කරගෙන… වැඩිදියුණු කරගෙන…”

“මං හිතන්නෙ අපිත් ඒ දේ කරන්න ඕන. මේ වන විට අපි ක්‍රීඩා කරන්නේ ගොඩක් සාම්ප්‍රදායික විදියට… එය තරග ජයගන්න මදි… අපිට හැකියාව, දක්ෂතාවන් තියෙනවා ඒත් අපි සෙල්ලම් කරන විදිය වෙනස් කරගන්න ඕන… වැඩියෙන් රිස්ක් ගන්න, තරගයේ වේගය වෙනස් කරන්න, වැඩිම වාසිසහගත වෙලාවට ලකුණු ගන්න, කඩුළු අතර සබඳතා ගොඩනගන්න සහ වේග පන්දුයවන්නන්ගෙන් හා දඟපන්දු යවන්නන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න… මේ වගේ වෙනස්කම් කරන්න ඕන.”

(ADS)