FAST NEWS

24×7 Around the Globe

ටිරාන් පසුපස රහසේ හඹා ආ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට..

අංක තහඩු නොමැති යතුරුපැදියකින් හෝර්ටන් පෙදෙසේ සැරිසරමින් සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් පිළිබඳ දින තුනක් තිස්සේ රහසේ තොරතුරු සොයා බැලූ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (20) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

එම සැකකරු පසුගිය 6 සහ 12 දින දෙකෙහි අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ සභාපතිවරයා පිළිබඳ තොරතුරු මෙසේ විමසා ඇත.

ඔහු අනන්‍යතාව හෙළි නොකිරීම නිසා එම පුද්ගලයා පිළිබඳ සැක සිතූ එම ආයතනයේ ආරක්ෂක අංශ එම දින දෙකෙහිම කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කොට ඇත.

එසේම ඔහු යළිත් හෝර්ටන් පෙදෙසේ පිහිටි ආයතනයකට පැමිණ ඊයේ(20) දිනයේත් තොරතුරු විමසා තිබේ.

අනන්‍යතාව හෙළි නොකළ නිසා එහි සිටි ආරක්ෂක නිලධාරීන් සහ මාර්ග සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුගේද සහාය ඇතිව ඔහු රඳවා ගෙන 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසිය පැමිණ එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු බව කුරුඳුවත්ත පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඔහු පැමිණ ඇති ලියාපදිංචි අංක තහඩු නොමැති යමහා වර්ගයේ ජ්ඛ යතුරුපැදිය මුදා හැරීම සඳහා ඊට අයත් ලියකියවිලි ගෙන එන ලෙස ඊයේ(20) පොලිසිය ඔහුට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

ඊයේ(20) ප.ව. 2:00ට පමණ පොලිසියෙන් මුදා හළ හෙතෙම පොලිස් ස්ථානයටම ගෙන්වන ලද එර්ථී ඛ්ඒධ් 7195 අංක දරන මෝටර් රථයෙන් පිටවී ගියේය.

සැකකරු පිළිබඳ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගෙන් විමසූ අවස්ථාවේ කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.