FAST NEWS

24×7 Around the Globe

කුණු කන්දට වගකිව යුත්තාගේ නම සුමතිපාලගෙන්..!

මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුවට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවැසීය.

අද (20) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පළ කලේය.