FAST NEWS

24×7 Around the Globe

තරගය ජයගද්දීත් සෙරීනා ගැබිනියක්..! (ඡායාරූප)

කාන්තා ටෙනිස් පිටියේ දක්ෂතම ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් මව්පදවිය අපේක්ෂාවෙන් සිටින බවට රාවයක් පැතිරෙමින් පවතියි.

මෙම රාවයට හේතුවී ඇත්තේ සෙරීනා විසින් ස්නැප්චැට් වල පළ කළ ඇගේ ඡායාරූපයක 20 weeks (සති 20යි) ලෙස සඳහන් කල සෙල්ෆියයි.

මෙම රාවයේ සත්‍යතාවයක් ඇතිනම්, මෙහි සඳහන් දින හා සැසඳීමේදී සෙරීනා විසින් ජනවාරි 20දා දින ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය ජනගන්නා විටත් ඇය ගැබ්ගෙන සිටින්නට ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, සෙරීනා ගේ මාධ්‍ය කණ්ඩායම් විසින් තවමත් මෙම පුවත සනාථ කර නොමැත.

එම සෙල්ෆි ඡායාරූපය පහතින්..