FAST NEWS

24×7 Around the Globe

තාජුදින් ඝාතනයවූ දා ජනපති මැදුරේ වාහන පොතෙනුත් සැකයක්..!

වසීම් තාජුදින් ඝාතනයවූ දිනයේ ජනාධිපති මන්දිරයෙන් පිටත්ව ගිය වාහනවල තොරතුරු අඩංගු ලේඛනයේ පිටු ගලවා තිබීම ගැන පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිවේදියා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ ප්‍රභූ පුද්ගලයින්ගේ වාහන ගමනාගමනය පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

වසීම් තාජුදින් ඝාතනය වූ දිනයට අදාළ තොරතුරු සටහන්කර තිබූ පිටු එම ලේඛනයෙන් ගලවා ඉවත්කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි ඔහු පැවසීය.