උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටා ඇති ආරුක්කු නවයේ පාලම නැරඹීමට පැමිණෙන සංචාරකයන් එම ස්ථානය අවට පරිසරය අපිරිසිදු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
මෙහි පැමිණෙන දේශීය සංචාරකයන් ප්ලාස්ටික් වතුර බෝතල් හා විවිධ අපද්‍රව්‍ය අවට පරිසරයට මුදාහරින බවත් ඒවා ප්‍රදේශවාසීන් විසින් ඉවත් කරන බවත් ප්‍රදේශවාසීන් පවසන අතර මෙම ස්ථානයට ප්‍රාදේශීය සභාවෙන් කසළ බඳුන් හෝ ලබා දෙනවානම් ඉතා වටිනා බව ඔවුහු පවසන ලදි.
එමෙන්ම සංචාරකයන් විසින් මෙම පාලමේ බැමි මත විවිධ දේ ලිවීම නවතා දමා මෙහි පරිසරය රැකගැනීම සංචාරකයන්ගේද වගකීමක් බව ඔවුහු අවධාරණය කරන ලදි.
දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දිනපතා මෙම පාලම නැරඹීමට පැමිණියද එහි ළඟා වීමට තිබෙන මඩ වගුරු සහිත අබලන් මාර්ගය පිළිසකර කිරීමට අදාල බලධාරීන් මේ වන තුරු කි‍්‍රයාත්මක වී නොමැත.
එමෙන්ම මෙහි වැසිකිළි පහසුකම් නොමැති වීම නිසාද සංචාරකයන් අපහසුතාවයට පත් වෙති.
මෙම පාලමේ ආරුක්කු තුළ විශාල බඹර කූඩු බැඳ තිබෙන අතර ඒවා ඉවත් නොකිරීමෙන් සංචාරකයන් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර අවස්ථා ගණනාවකදීම එම බඹර කූඩු ඇවිස්සී සංචාරකයන්ට බඹරුන් දෂ්ඨ කර තිබුණි.
මෙම ආරුක්කු නවයේ පාලම 1921 වසරේදී පමණ දේශීය ඉංජිනේරුවෙකු විසින් ඉදිකරන ලද්දක් වන අතර මෙම පාලම දිගින් මීටර් 91කුත් පළල මීටර් 7.62 කිනුත් වන අතර උස මීටර් 24 ක් පමණ වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.