FAST NEWS

24×7 Around the Globe

කුණු කන්දේ කඩා වැටීම ගැන පිරිසක් කලින්ම දැනගෙන..

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමට පැයකට පෙර සිටම ඒ අවට නිවෙස්වල ඇතිකරන සහ අයාලේ යන සුනඛයින් මහ හඬින් බුරමින් කලබලයට පත්ව එම ස්ථානයෙන් පැනයාමට පටන්ගත් බව ප්‍රදේශවාසීන් පවසන ලදි.

නිවාසවල දම්වැල්වලින් බැඳ සිටි සුනඛයින් දම්වැල් කඩා බිඳ දමමින් පැනයාමට උත්සාහ කළ බවත්, අවට සිටි සුනඛයින් වේගයෙන් ප්‍රදේශය හැර ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරන ලදි.

එසේම කන්ද කඩාවැටී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව සුනඛයින් යළිත් කන්ද ආසන්නයට පැමිණ තිබේ.