FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු..

මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් පසු පවතින තත්ත්වය මත තවදුරටත්
මීතොටමුල්ල ප්‍රදේශයට කොළඹ කුණු බැහැර කළ නොහැකි බැවින් කොළඹ අවට මේ දක්වා කුණු යොමු කළ ස්ථාන සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.

ඒ සඳහා එක්වරම විකල්ප ස්ථාන සොයාගැනීම දුෂ්කරව ඇති බැවින් කොළඹ කුණු එක්රැස්වීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරීන් සමඟ ඊයේ( 15) දිනයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූ බව වාර්තා විය.