FAST NEWS

24×7 Around the Globe

‘කුණු කන්ද අඩි 180යි.. ජනතා විරෝධය මැදත් කුණු ගෙනත් දාලා..!’

මීතොටමුල්ල කුණු කන්ද පිලිබදව දැන්වත් බලධාරීන් සංවේදී විය යුතු යැයි කොළඹ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ සිදුව ඇති මෙම අපදාව ස්වභාවික එකක් නොව අකාර්යක්‍ෂම කළමණාකරණය නිසා වූවක් බවයි.

දැනටත් කුණු කන්ද අඩි 180ක පමණ උසකින් තිබියදී ජනතා විරෝධතා මැද නොනවත්වා තව තවත් කුණු ගෙනවිත් දැමූ බවද ඔහු පෙන්වා දෙයි.