FAST NEWS

24×7 Around the Globe

කොස්තාපල්ගේ ලිංගය යළි සවි කරලා..

පොලිස් කොස්තාපල්වරයෙකුගේ ලිංගේන්ද්‍රිය ඔහුගේ අනියම් බිරිද විසින් කපා දමා ඇති පුවතක් පොලොන්නරුවේ මින්නේරිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පෙරේදා දිනයේ සිදු කරනු ලැබූ මෙම කපා දැමීමෙන් පසු වහා රෝහල් ගත කරන ලද පොලිස් කොස්තාපල්වරයා කොලඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් පසු අද(12) දිනයේ ඔහුගේ ලිංගේන්ද්‍රිය යලි බද්ද කර ඇත.

වැන්දඹු කාන්තාවක් වන අදාල කාන්තාව විවාහ කර ගන්නේ යැයි පොරොන්දුව මත ඇය හා අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් සිටියදී තවත් කාන්තාවක් සමග ඇසුරක් පැවැත්වූයේ යැයි කෝප වූ කාන්තාව මෙසේ ජනනේන්ද්‍රිය කපා දමා ඇති අතර අදාල කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.