FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වන සිසුන්ට අවම සුදුසුකම මෙන්න..

මෙරට රජයේ හෝ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සිසුවකු ඇතුලත් කරගැනීමට අවම සුදුසුකම ලෙස ජීව විද්‍යවෙන් උසස් පෙළ විභාගය සදහා සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් විය යුතු බවට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සකස් කරන ලද වෛද්‍ය විද්‍යාල සදහා වූ අවම ප‍්‍රමිතීන් හි සදහන්ය.

2011 වසරේදීද මෙම අවම සුදුසුකම වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස තෝරා ගැනීමේදී තිබිය යුතු බවට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නියම කර තිබූ අතර මෙවර ද එහි වෙනසක් නොකලේ යැයි එහි ප‍්‍රකාශකයෙක් පැවැසීය.

වෛද්‍ය විද්‍යාලයක දේශනශාලා පුස්තකාල පහසුකම් ආචාර්ය මහාචාර්යවරුන් සංඛ්‍යාව වෛද්‍ය විද්‍යාලයට අදාළ රෝහලේ ඇදන් සංඛ්‍යාව රෝහලේ වෙනත් පහසුකම් සායනික පුහුණුව සදහා වන පහසුකම් ඇතුලත් නිර්ණායක රැසක් අවම ප‍්‍රමිතීන් ලෙස යෝජනා කර ඇතැයිද ඔහු සදහන් කළේය.