FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජුගෙන්..

2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ(11) පැවති තරගයේදී පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පුනේ කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 108 ක් පමණයි.

ඒ අනුව සංජුගේ ශතකයත් සමග පුනේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත් විය.