සිය ගුවන්යානයකින් මගියකු බලහත්කාරයෙන් ඉවත්කළ අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩලය “පිළිගත් ක්‍රමවේදය” අනුගමණය කළ බව United Airlines ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පැවැසීය.
යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමේ සේවකයන් වෙත පුද්ගලික ඊමේල් පණිවුඩයක් යවන ඔස්කාර් මුනෝස් පවසන්නේ “සිදු වූ දේ ඇසීමට සහ දැකීමට ලැබී තමන් අපහසුතාවකට පත් වූ” බවය.
සිදු වූ දේ පිළිබඳව දැඩි කණගාටුවට පත්වන නමුත් කාර්ය මණ්ඩලය විසින් යානයෙන් පිටතට ඇදගෙන ගිය මගියා කඩාකප්පල්කාරී සහ කලහකාරී ලෙසින් හැසිරී ඇති බවද ප්‍රධාන විධායක නිලධාරියා සිය ලිපියේ සඳහන් කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී ඔස්කාර් මුනෝස්ගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
වෙළඳ කටයුතු සම්බන්ධ PRWeek සඟරාව විසින් ඔස්කාර් මුනෝස් වසරේ හොඳම සන්නිවේදකයා ලෙස නම්කරනු ලැබුවේ පසුගිය සතියේදී වන නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය ට්විටර් ජාලය ඔස්සේ බොහෝ දෙනාගේ හාස්‍යයට සහ විවේචනයට ලක්වෙමින් තිබේ.


I









