FAST NEWS

24×7 Around the Globe

අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක් තහනමක් පනවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල් කණ්ඩායමට හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වසර දෙකක තහනමක් පැනවීමට ආර්.එම්. ලෝධා කමිටුව තීන්දු කළේය.

තරග පාවාදීම් සඳහා එම කණ්ඩායම්හි නිලධාරීන් සම්බන්ධ වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ. ඒ අනුව චෙන්නායි කණ්ඩායමේ නිලධාරී ගුරුනාත් මෙයියප්පන්ට හා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු හිමිකරු රාජ් කුන්ද්‍රාට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක්ද පනවනු ලැබීය.