FAST NEWS

24×7 Around the Globe

ඇළුමිනියම් පිරිසැකසුම් කිරීම පිළිබඳ දෙදින තාක්ෂණ වැඩමුළුවක්..

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය  පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්ත හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් ඇළුමිනියම් පිරිසැකසුම් කිරීම (Aluminum fabrication) පිළිබඳ දෙදින තාක්ෂණ වැඩමුළුවක් 2017 මැයි 04 සහ 05 යන දින වල තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු  යොදා ඇත.

මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේ දී ඇළුමිනියම් යනු මොනවාද ඒවායේ ගුණාංග සහ ඇළුමිනියම් උපාංග භාවිතයේ ඇති වාසිදායක කරුණු සහ ඇළුමිනියම් උපාංග යොදා ගෙන නිෂ්පාදනය කල හැකි භාණ්ඩ පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කරනු ඇත.

මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම්  අධ්‍යක්ෂ, තාක්ෂනික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ mohan@idb.gov.lk ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.