FAST NEWS

24×7 Around the Globe

මාංලිග කුළසේකර සමග ජගත් ක්‍රිකට් පිටියට සමුදෙන බව කියයි…

බංගලාදේශයට එරෙහිව පසුගියදා පැවති දෙවැනි ඕවර විස්ස-20 තරගයේ කඩුලු ත්‍රිත්වයක් ලැබූ ලිසිත් මාලිංග තරගාවලියේ වීරයා සම්මානය ද ලැබිය.

තමා යැවු පළමු පන්දුවාර තුනෙන් කිසිඳු කඩුල්ලක් දවා ගැනීමට සමත් නොවු බවත් සිය සිව්වන පන්දුවාරයේදී කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීම සමත් විම සතුටක් බව ‍මාලිංග මාධ්‍ය වෙත පැවසීය.

එසේම තමා සහ නුවන් කුළසේකර එකම දිනයක ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇතැයිද ලසිත් මාලිංග අවධාරණය කර සිටියේය.

“මට අවශ්‍ය වුණා මුල් ඕවර තුනේදී කඩුලු ලැබිමට නොහැකිවීම නිසා කෙසේ හෝ කඩුලු අතරට එන්න. කොහොමවුණත් මම මගේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් අවසන් ඕවරයේදී කඩුලු ත්‍රිත්වයක් ලැබිම සතුටක්. ඒත් අවසානයේ තරගය පරාජය වීම ගැන කනගාටුවක් තමයි තියෙන්නේ. තාමත් මම සුපුරුදු රිද්මයට ඇවිත් නැහැ. මොකද පාදයේ ආබාධය සියයට සියයක් සුව වී නැහැ. වේදනා නාශක එන්නත් ගෙන තමයි ක්‍රීඩා කරන්නෙ. ඒත් ඉතින් මගේ වෑයම වසරක් පමණ ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියත් මම කළේ මගේ පන්දු යැවීම ගැන වීඩියෝවලින් බලා වැඩිපුර අධ්‍යයනය කිරීමයි. මම හිතන්නේ නැහැ මේ ආබාධයත් එක්ක දිග ඉනිමක් සහිත තරගවල ක්‍රීඩා කරන්න හැකිද කියා. මගේ අරමුණ දක්ෂතා තියෙන තෙක් ක්‍රීඩාකර සමුගැනීම. සමහරවිට එකට ජගත් ක්‍රිකට් පිටියට ආපු මමත්, කුලසේකරත් එකටම ක්‍රිකට් පිටියෙන් සමුගනීවි ” යැයිද මාලිංග පැවසීය

(ADS)