FAST NEWS

24×7 Around the Globe

නිල රථයට වෙට්‌ටු දැමූ තරුණයාට මහින්ද සමාව දීලා…

තම නිල රථයට වෙට්‌ටුවක්‌ දමාගෙන ගිය මෝටර් රථයේ රියැදුරු චීනයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු බවත් ඔහු වැරදි චේතනාවෙන් රිය පදවා නැති බවත් පොලිස්‌ පරීක්‍ෂණ මගින් හෙළිවී ඇති නිසා තවදුරටත් ඒ පිළිබඳ පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ඉකුත් 06 වැනිදා දහවල් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට නිදහස්‌ චතුරශ්‍රය දක්‌වා සිය නිල රථයෙන් ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ ඔහුගේ නිල රථය හරස්‌ කරමින් ධාවනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ පොලිසිය එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන එය පැදවූ වෛද්‍ය ශිෂ්‍යයාට අවවාදකර මුදාහැර ඇත.

මේ ගැන තවදුරටත් පරීක්‍ෂණ අවශ්‍ය නැහැ. මෝටර් රථය පැදවූ ශිෂ්‍යයා වැරදි චේතනාවකින් වාහනය ධාවනය කර නැහැ. යැයි හිටපු ජනාධිපතිවරයා පැවැසීය.