FAST NEWS

24×7 Around the Globe

ඊජිප්තුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ..

ඊජිප්තුව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එරට ජනාධිපති අබ්දුල් පටා අල් සිසී මෙම තීරණය ගෙන ඇත්තේ කයිරෝ නුවර ආසන්නයේ පිහිටි දේවස්ථාන දෙකකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව වන අතර මෙම ප්‍රහාරවලදී බැතිමතුන් 44 දෙනෙකු මිය යන ලදි.

ඊජිප්තු රජය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති මෙම හදිසි තත්ත්වය තුළදී ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවයි.