FAST NEWS

24×7 Around the Globe

වසන්ත ඔබේසේකරයන්ගේ අවසන් කටයුතු අද සිදුකෙරේ…

ප්‍රවීන සිනමාවේදී අභාවප්‍රාප්ත වසන්ත ඔබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකෙරෙයි.

මහජන ගෞරවය සඳහා දේහය අද පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ඔබේසේකර මහතා ඊයේ(08) උදෑසන අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසු වුණි.