FAST NEWS

24×7 Around the Globe

සන්ධානයේ තනතුරු වල වෙනසක් නෑ – ඇමති දුමීන්ද

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන තනතුරුවල වෙනසක්‌ සිදුවන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සහ පැතිරී යන කටකතාවල කිසිදු සත්‍යතාවක්‌ නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (07 ) මාධ්‍ය වෙත පැවසීය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්‌කොට ශක්‌තිමත් කිරීමේ කටයුතු සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පුළුල් කොට සන්ධානයක්‌ ලෙස ශක්‌තිමත් කිරීමට කටයුතු සාර්ථකව සිදුවෙනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කිසිම අර්බුදයක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කරලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට සිහින දකින පුද්ගලයන් එම සිහින සැබෑ කර ගැනීමට නොහැකි වූ විට මාධ්‍යය යොදාගෙන බොරු ප්‍රචාර ගෙනයනවා.