හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ එකකට අලෙවි වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබිණි.
‘පින්ක් ස්ටාර්’ මෙතෙක් වෙන්දේසියකදී මැණිකකට හිමි වූ වැඩිම මිල ලබා ගැනීමට සමත් වූ අතර කැරට් 59.6 ක් ලෙස වාර්තා වූ ‘පින්ක් ස්ටාර්’ නම් මාණික්‍ය ඔප දමා සුදානම් කොට වෙන්දේසියට ඉදිරිපත් කොට තිබුණි.
1999 වසරේ දකුණු අප්‍රිකානු පතලකින් සොයා ගනු ලැබූ ‘පින්ක් ස්ටාර්’ මැණික 2013 වසරේ ජිනීවා හි පැවති වෙන්දේසියක පළමු වරට ඇමරිකානු ඩොලර් මිලියන අසු තුනකට මිල නියම වී තිබුන ද විකිණීමක් සිදු නොවුනි.
චෝව් තායි ෆූක් ආභරණ සමාගමේ ප්‍රධානියා පවසා සිටියේ ‘පින්ක් ස්ටාර්’ ලොව මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස පැහැති මැණික වන අතර එහි පැහැය ඉතා දුර්ලභ වන බවය.










